WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

පළමු 20-20 තරගය අද

2024 January 14- Page Views : 35

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද පැවැත්වීමට නියමිතයි.

තරගය ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී රාත්‍රී 07ට ආරම්භ වීමට නියමිත ව තිබේ.

දෙරට අතර විස්සයි විස්ස තරග 03ක් පැවැත්වීමට නියමිත අතර, ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන්ඉරියව් ක්‍රීඩක වනිසු හසරංගට හිමි ව තිබේ.

සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවති එක්දින තරගාවලිය දෙකට බිංදුවක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.