WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඇෆ්ගන් ක්‍රිකට් පිල දිවයිනට

2024 January 30- Page Views : 36

තරග සංචාරයක් සඳහා ඇෆ්ගනිස්තාන ජාතික කණ්ඩායම අද (30) දිවයිනට පැමිණීමට නියමිතය.

ඒ අනුව ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර ක්‍රිකට් තරගාවලිය අනිද්දා (01) දිනෙන් ආරම්භ වීමට නියමිතය.

ඔවුන් මෙම තරග සංචාරය තුළදී ටෙස්ට් තරගයක්, එක්දින තරග 03ක් සහ පන්දුවාර විස්සයි විස්ස තරග 03කට සහභාගී වීමට නියමිතය.

ටෙස්ට් තරගය අනිද්දා සිට කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර තරග 03කින් සමන්විත එක්දින තරගාවලිය පෙබරවාරි මස 09 වනදා ආරම්භ වීමට නියමිතය.

කෙසේවෙතත් එක්දින තරග මීට පෙර කොළඹ දී පැවැත්වීමට සැලසුම් කර තිබුණ ද එම තරග මහනුවරදී පැවැත්වීමට පසුව තීරණය කර ඇත.

මේ අතර වසර කිහිපයකට පසුව පන්දුවාර විස්සයි විස්ස තරග තුනම දඹුල්ල ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය.