WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

පාකිස්තානය 461යි

2023 July 18- Page Views : 35

ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර ගාල්ලේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනය අදයි.

සිය පළමු ඉනිම සඳහා පාකිස්තාන කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 461ක් රැස්කරගැනීමට සමත්විය.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ Saud Shakeel ලකුණු 208ක් රැස්කරගැනීමට සමත්විය.

ඔහුගේ ද්විත්ව ශතකයට හතරේ පහර 19ක් ඇතුළත් විය.

Saud Shakeel ට තරගයේ බර කරට ගැනීමට අගනා සහායක් ලබාදෙමින් Naseem Shah තම අන්තයේ කඩුල්ල ආරක්ෂා කරගනිමින් ආරක්ෂාකාරී ලෙස පන්දුවට පහරදුන්නේය.

පාකිස්තානය වෙනුවෙන් Agha Salman ලකුණු 83ක් රැස්කරගත්තේ හයේ පහරක් සහ හතරේ පහර 9ක් සමගය.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් Ramesh Mendis කඩුලු 5ක් දවාගැනීමට සමත්විය.

ප්‍රභාත් ජයසූරිය කඩුලු 3ක් දවාගත්තේය.

පළමු ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 312ක් රැස්කළේය.

ඒ අනුව පාකිස්තානය ලකුණු 149ක් ඉදිරියෙන් සිටී.