WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඉන්දීය - පාකිස්තාන එක්දින ක්‍රිකට් තරගයක් නුවරදී

2023 July 19- Page Views : 36

2023 ආසියානු කුසලාන තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය මහනුවර පල්ලෙකැලේ දී පැවැත්වීමට නියමිතය.

එම තරගය සැප්තැම්බර් 02 වනදා පැවැත්වෙයි.

2023 ආසියානු කුසලාන තරගාවලිය සඳහා "A" සහ "B" කාණ්ඩ යටතේ කණ්ඩායම් 6ක් සහභාගී වෙයි.

එහිදී ඉන්දියාව, පාකිස්තානය සහ නේපාලය "A" කාණ්ඩය යටතේද ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්තානය සහ බංග්ලාදේශය "B" කාණ්ඩය යටතේද තරග වදියි.

ඉන් එක කාණ්ඩයකින් කණ්ඩායම් දෙක බැගින් සුපිරි 4 දෙනාගේ වටයට තේරෙන අතර තරගාවලියේ අවසන් තරගය සැප්තැම්බර් 17 වනදා කොළඹදී පැවැත්වෙයි.

මෙවර ආසියානු කුසලාන තරගාවලියේ සත්කාරකත්වය පාකිස්තානයට හිමිව ඇති අතර ඉන්දියාව සහ පාකිස්තානය අතර ඇති දේශපාලන අර්බුද හේතුවෙන් පාකිස්තානයට යෑම ඉන්දියාව ප්‍රතික්ෂේප කළේය.

එබැවින් ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ මැදිහත්වීමෙන් තරගාවලියේ සමහර තරග ශ්‍රී ලංකාවේ පැවැත්වීමට තීරණය කළේය.

2023 ඔක්තෝබර් 05 වනදා ඉන්දියාවේදී ඇරඹෙන ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට පෙරහුරුවක් ලෙස මෙම තරගාවලියේ තරග පන්දු ඕවර 50 තරග ලෙස පැවැත්වෙයි.