WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ගැන දැනුම්දීමක්

2023 July 19- Page Views : 37

මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන අද (19) නිකුත් කර තිබේ.

ඒ අනුව අවසන් මහා තරගය සැප්තැම්බර් 17 වනදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බව ආසියානු ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරයි.

පාකිස්තානයේ සහ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අගොස්තු 30 වනදා සිට සැප්තැම්බර් 17 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබේ.

තරග 13කින් සමන්විත තරගාවලියේ තරග 4ක් පාකිස්තානයේ ලාහොර්, මුල්තාන් හිදී පැවැත්වෙන් අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ තරග 6ක් සහ පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී තරග 3ක් පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකාව මූලික වටයේ සහභාගිවන පළමු තරගය බංග්ලාදේශයට එරෙහිව අගෝස්තු 31 වනදා පල්ලේකැලේදී පැවැත්වීමට නියමිතව ඇත.

මූලික වටයේ ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය සැප්තැම්බර් 02 වනදා පල්ලේකැලේ ක්‍රීඩාගංණයේදී පැවැත්වීමට නියමිත බවද ආසියානු ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරයි.