WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

තීරණතාමක පස් වන දිනය අදයි

2023 July 20- Page Views : 37

සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පස් වන සහ අවසන් දිනය අදයි.

ඊයේ (19) දිනයේ තරගය නතර කරන විට සිය දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි පාකිස්තාන කණ්ඩායම කඩුලු තුනක් දැවී ලකුණු 48ක් ලබාසිටියේය.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 312ක් රැස්කළ අතර ඊට පිළිතුරු ලෙස පාකිස්තාන කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 461ක් ලබාගත්තේය.

පාකිස්ථාන පළමු ඉනිමට වඩා ලකුණු 149ක් පිටු පසින් සිට සිය දෙවන ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායමට එම ඉනිම සඳහා සියලු ක්‍රීඩකයින් දැවී ලබාගත හැකි වුයේ ලකුණු 279ක් පමණයි.

ඒ අනුව ලකුණු 131ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායන පාකිස්තාන කණ්ඩායමට තරගය ජයග්‍රහණය කිරීම සඳහා තවත් ලකුණු 83ක් අවශ්‍ය වන අතර ඒ සඳහා ඔවුන්ට කඩුලු 7ක් ඉතිරිව පවතී.