WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

පාකිස්තානයට ජය

2023 July 20- Page Views : 35

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පැවති පළමු තරගය කඩුලු 4කින් ජය ගැනීමට සංචාරක පාකිස්තාන කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා අවශ්‍යව තිබු ලකුණු 131, කඩුලු 6ක් පමණක් දැවී රැස්කිරීමට පාකිස්තාන ක්‍රීඩකයෝ සමත් වූහ.

ඉමාම් උල් හක් නොදැවී 50යි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 312ක් ලබාගත් අතර ඊට පිළිතුරු ලෙස පාකිස්තානය ලකුණු 461ක් රැස් කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා රැස්කළේ ලකුණු 279ක් පමණි.

පාකිස්තානය අවසන් වරට ටෙස්ට් තරගයක් ජය ගෙන තිබුණේ මීට හරියටම වසරකට පෙරදීය.

ඒ ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ගාල්ල ක්‍රීඩාංගනයේදී වීම විශේෂත්වයකි.