WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

අවසන් මහා ක්‍රිකට් ගැටුමක් ප්‍රේමදාස පිටියේදී

2023 July 23- Page Views : 35

ආසියානු කුසලාන නැගී එන කණ්ඩායම් අතර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (23) පැවැත්වීමට නියමිතයි.

තරගය පස්වරු 02ට කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිත ව ඇත.

අවසන් තරගය සඳහා ඉන්දීය A කණ්ඩායම සහ පාකිස්තාන A කණ්ඩායම සුදුසුකම් ලබා සිටින අතර, අවසන් පූර්ව තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානය හමුවේ පරාජයට පත්විය.

අනෙක් අවසන් පූර්ව තරගය ඉන්දියාව ජයගත්තේ, බංගලාදේශය පරාජයට පත්කරමිනි.

මෙම තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්තානය අතර පළමු වටයේ පැවති තරගයෙන් පාකිස්තානය පරදවා ඉන්දීය කණ්ඩායම කඩුලු 08ක ජයක් හිමිකර ගැනීමට සමත් විය.

මේ අතර, මෙම තරගය නොමිලයේ නැරඹීමට ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට අවස්ථාව සැලසෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.