WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

දෙවන ටෙස්ට් තරගය සඳහා අසිත ප්‍රනාන්දු කැඳවයි

2023 July 23- Page Views : 35

සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා නම් කළ සංචිතයට වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරිම් කමිටුව තීරණය කර ඇත.

ඒ අනුව අසිත ප්‍රනාන්දු දෙවන ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩා කරනු ඇත.

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය හෙට (24) කොළඹ SSC ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.

පළමු තරගය ශ්‍රී ලංකාව කඩුලු 04කින් පරාජයට පත් විය.