WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

පාකිස්තාන - ශ්‍රී ලංකා ටෙස්ට් තරගයේ තෙවන දිනය අදයි

2023 July 26- Page Views : 35

සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය අදයි.

තරගය කොළඹ එස්.එස්.සී ක්‍රිඩාංගණයේ පැවැත් වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමු ඉනිම සඳහා පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 166ක් ලබා ගත්තේය.

සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහර දෙන පාකිස්තාන කණ්ඩායම ඊයේ (25) දිනය නිමාවන විට කඩුලු 02ක් දැවී ලකුණු 178ක් ලබා සිටී.

ඒ අනුව පාකිස්තාන කණ්ඩායම මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 12ක් ඉදිරියෙන් පසු වේ.