WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

වනිඳු ලංකාවෙන් යන්න කලින් මාධ්‍යයට කී කතාව

2024 May 14- Page Views : 36

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවෙන් තමා විසින් ඉල්ලූ කණ්ඩායම ලැබුණු බව ශ්‍රී ලංකා 20යි 20 කණ්ඩායමේ නායක වනිඳු හසරංග පවසයි.

ඊයේ (13) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ඒ බව සඳහන් කළේය.

"නායකයා විදියට ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලපු කණ්ඩායම මට ඒ විදිහට ලැබුණා. ඇත්තටම ඒ අයටත් ස්තූතිවන්ත වෙන්න ඕනේ මට ඒ කණ්ඩායම ලබාදුන්න එකට. නායකයා නිදිහට මම මේ කණ්ඩායමත් එක්ක ගොඩක් සතුටින් මේ ලෝක කුසලාන යන්න ලෑස්ති. දවස් 10 කලින් අපි අමෙරිකාවට ගිහිල්ලා ඒ තණතීරුවලට හැට ගැහෙන්න තමයි අපි ඒ දවස් 10ය කලින් යන්න තීරණය කළේ ඉතින් අපි ඒ ගිහිල්ලා බලනවා තණතීරු USA ලීග් එකක් පැවැත්වුණා. ගිය වසරේ තරගවල ලකුණුත් අරගෙන අපි බලලා තණතීරු මොනවගේද කියලා. නායකයෙක් විදිහට මේ කණ්ඩායම ගැන ලොකු බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. මොකද අපේ ක්‍රීඩකයින් හොඳින් දක්කම් දක්වලා තියෙනවා පසුගිය තරගාවලි තුනේදී. මේ වසරෙදී අපිට ලොකු බලාපොරොත්තුවක් තියෙනවා අපිට මේ දේ කරන්න පුළුවන් කියලා."