WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

’’රවී - ශානි’’ තනතුරුවලින් ඉවත් කරන්නෑ

2024 October 22- Page Views : 19

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ශානි අබේසේකර යන මහත්වරුද කිසිදු හේතුවක් මත එම තනතුරුවලින් ඉවත් නොකරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.

උදය ගම්මන්පිල මහතා ඊයේ ඉදිරිපත් කළ කමිටු වාර්තාව පිළිනොගන්නා බව පැවසු අමාත්‍යවරයා එය හුදෙක් දේශපාලනය පදනම් කර අදාළ නිලධාරීන් ඉලක්ක කර පැවැත්වු පරික්ෂණ කමිටු වාර්තාවක් යැයිද කීය.

රජයක් ලෙස සියලු වාර්තා වල කරුණු පූර්ණ විමර්ශනයකට ලක්කර අසාධාරණයට ලක් වූ වින්දිතයන්ට සාධාරණය ඉටුකරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

කවුරුන් හෝ නිලධාරියෙක් වගකීම් පැහැර හැර තිබේ නම් එහි හංගන්නට කිසිම කාරණයක් නැති බව කී විජිත හේරත් මහතා සාධාරණ පරීක්ෂණයක් පවත්වා නීතිය ක්‍රියාත්මක කරන බව සඳහන් කළේය.

අනේ ගම්මන්පිල ඔබට වෙච්ච දේ යැයිද හේරත් මහතා කිය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදිය.