WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකා පිළේ දෙවන පුහුණු තරඟය අද

2024 May 31- Page Views : 35

අමෙරිකා එක්සත් ජනපදය සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්හිදී පැවැත්වෙන 2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන දෙවන පුහුණු තරඟය අද පැවැත්වෙනවා.

ඒ, අමෙරිකා එක්සත් ජනපදයේ ලෝඩර්හිල්හිදීයි.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ වදින්නේ අයර්ලන්ත කණ්ඩායම සමඟයි.

ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 08ට පමණ තරඟය ආරම්භ වීමට නියමිතයි.

නෙදර්ලන්තය සමඟ පසුගියදා පැවති පළමු පුහුණු තරගයේදී ලකුණු 20 කින් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වුණා.

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය අනිද්දා ආරම්භවීමට නියමිත අතර, ශ්‍රී ලංකාව ඩී කාණ්ඩය යටතේ තරග වැදීමට නියමිතයි.