WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඔස්ට්‍රේලියාවට පහසු ජයක්

2024 June 06- Page Views : 35

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අද (06) නිමාවට පත්වූ ඕමානය සහ ඔස්ට්‍රේලියාව අතර පැවති තරගය ලකුණු 39කින් ජය ලැබීමට ඔස්ට්‍රේලියාව සමත් විය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම සිය ඉනිම සඳහා කඩුලු 5ක් දැවී ලකුණු 164ක් රැස් කළේය.

මාකස් ස්ටෝයිනිස් පන්දු 36කදී නොදැවී ලකුණු 67යි. ඩේවිඩ් වෝනර් ලකුණු 56යි.

පිළිතුරු ලෙස ඕමාන කණ්ඩායම සිය පන්දු ඕවර 20දී කඩුලු 9 දැවී රැස්කළේ ලකුණු 125ක් පමණි.

පන්දු යැවීමෙන් මාකස් ස්ටෝයිනිස් ලකුණු 19ට කඩුලු 3යි.