WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

පාකිස්තානය හමුවේ අමෙරිකාවට පෙරළිකාර ජයක්

2024 June 07- Page Views : 35

ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පාකිස්තාන කණ්ඩායම සමග පැවැති තරගයෙන් පෙරළිකාර ජයක් හිමි කරගැනීමට අමෙරිකානු කණ්ඩායම සමත් විය. එම තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 07ක් දැවී ලකුණු 159ක් රැස් කළේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අමෙරිකානු කණ්ඩායම ද නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 03ක් දැවී ලකුණු 159ක් ලබාගැනීමත් සමග තරගයේ ලකුණු තත්ත්වය සම වුණි. ඒ අනුව තරගයේ ජයග්‍රාහකයා තෝරාගැනීමට සුපිරි පන්දුවාරයක් ක්‍රියාත්මක වු අතර එහිදී පළමුව පන්දුවට පහරදුන් අමෙරිකානු කණ්ඩායම නියමිත පන්දු 6 තුළ ලකුණු 18ක් රැස් කළේය. ජයග්‍රාහී ලකුණු 19ක ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි පාකිස්තාන කණ්ඩායමට සුපිරි පන්දුවාරයේ දී එක් කඩුල්ලක් දැවී ලබාගත හැකිවුයේ ලකුණු 13ක් පමණි. ඒ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට අලුතින් එක්වු අමෙරිකානු කණ්ඩායම ප්‍රබල පාකිස්තාන කණ්ඩායම පරදවා ලකුණු 5ක ඓතිහාසික විස්සයි විස්ස තරග ජයක් හිමි කරගැනීමට සමත්විය.