WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

බංග්ලාදේශයට ලකුණු 125ක ඉලක්කයක්

2024 June 08- Page Views : 35

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගීවන දෙවන තරගය බංග්ලාදේශයට එරෙහිව මේ වනවිට අමෙරිකාවේ ඩලස්හීදි පැවැත් වේ.

එහි කාසියේ වාසිය දිනා ගැනීමට බංග්ලාදේශය සමත්වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදීමටය.

ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09 දැවී ලකුණු 124 ක් රැස් කළේය.

ඒ අනුව තරගය ජය ගැනීම සඳහා බංග්ලාදේශයට හිමිවූ ඉලක්කය ලකුණු 125කි.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 47ක් ලබාගත්තේය.