WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේන් පළමු වටයෙන්ම ඉවතට

2024 June 14- Page Views : 35

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර ඇත.

ශ්‍රී ලංකාව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වූයේ D කාණ්ඩය යටතේ නෙදර්ලන්තයට එරෙහිව පැවති තරගය බංග්ලාදේශය ලකුණු 25කින් ජය ගැනීමත් සමඟය.

ඒ අනුව බංග්ලාදේශයේ ලකුණු 160ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි නෙදර්ලන්තයට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8ක් දැවි රැස්කරගත හැකිවූයේ ලකුණු 134ක් පමණි.

ශ්‍රී ලංකා කණ්ඩායම 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක මූලික වටයෙන් ඉවත් වූ පළමු අවස්ථාව මෙය වෙයි.

ඒ අතර ශ්‍රී ලංකාව වසර 10කින් 20 -20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක අවසන් පූර්ව වටයට ක්‍රීඩා කිරීමට සුදුසුකම් ලබා නොමැත.

මේ අතර පන්දුවාර 20ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩය යටතේ ඕමානය සහ එංගලන්තය අතර පැවති තරගයෙන් සුපිරි ජයක් වාර්තා කිරීමට එංගලන්තය සමත්වුණි.