WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

එංගලන්ත - ඕමාන තරගයේ කාසියේ වාසිය එංගලන්තයට

2024 June 14- Page Views : 35

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (14) පැවැත්වෙන 28 වැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

එම තරගය ඕමාන කණ්ඩායම සමග පැවැත්වෙන අතර, කාසියේ වාසිය දිනාගත් එංගලන්තය තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටයි.

ශ්‍රී ලංකා වේලාවෙන් අද අලුයම 00.30ට එම තරගය ආරම්භ වන අතර, Sir Vivian Richards Stadium, North Sound, Antigua හිදී තරගය පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම T20 ලෝක කුසලානයේ 29 වැනි තරගය ලෙසින් බටහිර ඉන්දීය කොදෙව් සහ පැපුවා නිව් ගීනියා කණ්ඩායම් සහභාගීවන තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද උදෑසන 06.00 ට Brian Lara Stadium, Tarouba, Trinidad හිදී තරග වැදීමට නියමිතයි.

T20 ලෝක කුසලානයේ ඊයේ පැවති 27 වැනි තරගය වූ නෙදර්ලන්ත - බංග්ලාදේශ තරගයේ ජය වාර්තා කිරීමට බංග්ලාදේශය සමත් වුණා.

ඒ නෙදර්ලන්තය ලකුණු 25කින් පරාජයට පත් කරමින්.