WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

දකුණු අප්‍රිකාවට සුපිරි ජයක්

2024 June 20- Page Views : 35

පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටය ආරම්භ කරමින් පැවති පළමු තරගයෙන් ලකුණු 18ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකාව සමත් වුණි.

ඒ අමෙරිකාව පරාජය කරමිනි.

මෙය සුපිරි 8 දෙනාගේ වටයේ පළමු තරගය විය.

එම තරගයේ කාසියේ වාසිය දිනු අමෙරිකාව පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

ඒ අනුව පිටියට පිවිසි දකුණු අප්‍රිකානු කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 16කදී දැවි ගියේය.

නමුත් දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 110ක සබඳතාවක් ගොඩනැගීමට ක්වන්ටන් ඩී කොක් සහ ඒඩන් මාක්‍රම් සමත්වුණි.

ඩිකොක් මෙම තරගාවලියේ රැස්කළ පළමු අර්ධ ශතකය රැස්කරමින් ලකුණු 74ක් වාර්තා කළේය.

ඒඩන් මාක්‍රම් ලකුණු 46ක් රැස්කළ අතර හෙන්රිච් ක්ලාසන් ලකුණු 36යි.

ඒ අනුව දකුණු අප්‍රිකාව නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 4ක් දැවී ලකුණු 194ක් රැස්කළේය.

ලකුණු 195ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි අමෙරිකා කණ්ඩායමේ පළමු කඩුලු 5 ලකුණු 76ක් තුළදි දැවී ගියේය.

6 වන කඩුල්ලට ලකුණු 91ක සබඳතාවයක් ගොඩ නැගීමට හාමිත් සිං සහ ඇන්ඩ්‍රිස් ගෝස් සමත්වුවද ජයග්‍රහණය සඳහා එය ප්‍රමාණවත් නොවීය.

ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේදී අමෙරිකාව කඩුලු 6ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 176කි.

ඒ සමඟ සුපිරි 8 දෙනාගේ වටයේ පළමු ජය වාර්තා කිරීමට දකුණු අප්‍රිකාව සමත්වුණි.

අමෙරිකාව සහ දකුණු අප්‍රිකාව අතර තරගය සර් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි.