WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

තරගාවලියේ ජය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට

2024 June 21- Page Views : 36

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර තුන්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය ලකුණු 161කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්වුණි.

තරගයේ කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ආරාධනයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පළමුවට පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසි අතර නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 06ක් දැවී ඔවුන් ලබාගත් ලකුණු සංඛ්‍යාව 275කි.

එම ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ලකුණු 91ක් රැස්කළාය.

නිලක්ෂිකා සිල්වා ලකුණු 63ක් සහ අනුෂ්කා සංජීවනී ලකුණු 55ක් ලබා ගත්තාය.

ඉන් අනතුරුව පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට පන්දුවාර 34 පන්දු 5ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කර ගත හැකි වුයේ ලකුණු 115ක් පමණි.

ඒ අනුව තරගාවලිය තුනට බිංදුවක් ලෙස ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ජයගැනීම සුවිශේෂ වේ.