WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඇෆ්ගනිස්තානයෙන් ඔස්ට්‍රේලියාවට මතක හිටින පාඩමක්

2024 June 23- Page Views : 35

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයේ ඇෆ්ගනිස්තානය සහ ඔස්ට්‍රේලියාව අතර තරගයෙන් විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ඇෆ්ගනිස්තානය අද (23) සමත්විය.

ඒ එම තරගය ලකුණු 21කින් ජය ගනිමිනි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයෝ සිය පන්දු ඕවර 20දී කඩුලු 6ක් දැවී ලකුණු 148ක් රැස්කළේය.

ආරම්භක පිතිකරුවන් දෙදෙනාම එහිදී අර්ධ ශතක ලබාගැනීම විශේෂත්වයකි.

රමනුල්ලා ගුර්බාස් ලකුණු 60 (පන්දු 49) සහ ඊබ්‍රාහිම් සඩ්රාන් (ලකුණු 51) රැස්කළහ.

පන්දු යැවීමෙන් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් පැට් කමින්ස් ලකුණු 28කට කඩුලු 3යි. එය මෙම ලෝක කුසලාන තරගාවලියේ කමින්ස් ලබාගත් දෙවැනි හැට්ට්‍රික් එක ලෙස වාර්තා පොත් අතරට එක්විය.

ලකුණු 149ක ඉලක්කයක් හඹා යෑම ඇරඹු ඔස්ට්‍රේලියානු පිතිකරුවන්ට ඇෆ්ගනිස්තාන වේග පන්දු යවන්නන්ගෙන් එල්ල වූයේ දැඩි තර්ජනයකි. එහිදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දු ඕවර 19.2 කදී සියලුදෙනා දැවී ලබාගත්තේ ලකුණු 127ක් පමණි.

ග්ලෙන් මැක්ස්වෙල් ලකුණු 59යි.

නවීන් උල්හක් (3/20) සහ ගුල්බඩීන් නයිබ් (4/20) කඩුලු 7ක් දවා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහණය සඳහා ගෙන ගියහ.