WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ශ්‍රී ලංකා කාන්තා පිලට කඩුලු 4ක ජයක්

2024 June 24- Page Views : 35

බටහිර ඉන්දීය කොදෙව් කාන්තා පිල සහ ශ්‍රී ලංකා කාන්තා පිල අතර අද (24) පැවැති පළමු T20 තරගයෙන් කඩුලු 4ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් විය.

හම්බන්තොට පැවැති එම තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව් ක්‍රීඩිකාවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 134ක් ලබා තිබුණි.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හිමිවූ ඉලක්කය ලකුණු 135කි.

එම ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දුවාර 18යි පන්දු 04ක් අවසානයේ කඩුලු 06ක් පමණක් දැවී ලකුණු 137ක් වාර්තා කරමින් ජය හිමිකර ගත්තාය.