WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

දකුණු අප්‍රිකාව අවසන් තරගයට

2024 June 27- Page Views : 35

20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට පිවිසීමට දකුණු අප්‍රිකාව අද (27) සමත්විය.

ඒ, ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවති අවසන් පූර්ව තරගය කඩුලු 9කින් ජය ගනිමිනි.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තානය පන්දු ඕවර 11 පන්දු 5ක් තුළ දී සියලුදෙනා දැවී ලකුණු 56ක් රැස් කළේය.

ඔවුන්ගේ ඉනිමේ වැඩිම ලකුණු ලෙස අතිරේක ලකුණු 13 සටහන් විය. පිතිකරුවන් අතුරින් ලකුණු 10ක් රැස්කළේ අස්මතුල්ලා ඔමර්සයි පමණි.

පන්දු යැවීමේදී මාර්කෝ යැන්සන් සහ ටැබ්‍රෙයිස් ෂම්සි කඩුලු 3 බැගින් දවාගත්හ.

ලකුණු 57ක පහසු ඉලක්කයක් හඹා යෑම ඇරඹු දකුණු අප්‍රිකානු පිතිකරුවන් පන්දු ඕවර 8 පන්දු 5ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 60ක් ලබා ගනිමින් තරගයේ ජයග්‍රහණය සනිටුහන් කළේය.

ඒ අනුව ඉතිහාසයේ පළමු වරට ක්‍රිකට් ලෝක කුසලාංයක අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය.