WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

සිසුවියගේ සිරුර ලොග්ගල් ඔයේ

2024 October 21- Page Views : 36

උපකාරක පන්ති යන බව පවසා ඊයේ (20) උදෑසන නිවසින් පිටව ගිය බව කියන 17 හැවිරිදි සිසුවියන් දෙදෙනකුගෙන් එක් සිසුවියකගේ මළ සිරුර මහියංගණය ලොග්ගල්ඔයේ තිබූ අද (21) උදේ හමු වි ඇතැයි පොලීසිය කියයි.

ඇය සමඟ ගිය අනෙක් සිසුවිය මේ වන විට රිදිමාලියද්ද පොලිසිය බාරයේ පසුවන බවද පොලීසිය කීවේය.

මෙම සිසුවියන් දෙදෙනා එකම පාසැලේ ඉගෙනුම ලබන මිතුරියන් බවද අනාවරණය වී තිබේ.

එම සිසුවිය ඊයේ රාත්‍රී මහ මග ගමන් කළ යතුරු පැදියකට අතදැමු අවස්ථාවේ යතුරු පැදිකරු විසින් රිදීමාලියද්ද පොලිසියට අයත් ආදාඋල්පත මාර්ග බාධයකයේ නිලධාරින්ට මෙම සිසුවිය බාරදී ඇතැයි පොලිසිය පවසයි.

මොවුන් බදුල්ල නගරයේ උපකාරක පන්තියකට සහභාගී වීමට යන බව පවසා ඊයේ (20) උදේ නිවෙස් වලින් පිටවී ගිය නමුත් යළි නිවසට නොපැමිණිම නිසා මව්පියන් බදුල්ල පොලිසියට පැමිණිලිකර තිබිණි.