WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කාන්තා ලෝක කුසලාන අවසන් තරගයට පිවිසි නිමාලි පෙරේරා

2024 October 21- Page Views : 37

ඩුබායිහි පැවැති කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පිටියේ ප්‍රධාන විනිසුරුවරියක් ලෙස කටයුතු කිරීමට ශ්‍රී ලංකීක නිමාලි පෙරේරාට හිමිව තිබුණා.

ක්‍රිකට් ලෝක කුසලානයක අවසන් තරගයක පිටියේ ප්‍රධාන විනිසුරුවරියක් ලෙස කටයුතු කරන පළමු ශ්‍රී ලාංකික විනිසුරුවරිය වන්නේ ද ඇය වනවා.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් විනිසුරු නිමාලි පෙරේරා මෙන්ම නිව් සවුත් වේල්ස් විනිසුරු ක්ලෙයාර් පොලොසාක් ඔවුන්ගේ පළමු ICC කාන්තා T20 ලෝක කුසලාන අවසන් මහා තරගය විනිසුරුවන් ලෙස කටයුතු කර තිබෙනවා.

නිමාලි පෙරේරා ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර අවසන් පූර්ව තරගයට ඉදිරිපත් වූ අතර පසුගිය වසරේ ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර පැවැති අවසන් පූර්ව තරගයේ විනිසුරුවරිය ලෙස කටයුතු කර තිබෙනවා.

නිමාලි පෙරේරා දේශීය ක්‍රිකට් පිටියේ ක්‍රීඩිකාවක ලෙස යුද හමුදා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කර තිබෙනවා.

එසේම මෙම තරගයේ තරග තීරකවරුන්ගේ කමිටුවට ශ්‍රී ලාංකීක මිචෙල් පෙරේරා ඇතුළත් වි තිබිම ද විශේෂත්වයක්.