WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ධීවර යාත්‍රා දෙකක් ගිනි ගනී

2024 October 21- Page Views : 36

කුඩාවැල්ල ධීවර වරායේ නවතා තිබූ බහුදින ධීවර යාත්‍රා දෙකක් ගිණිගෙන දැවී ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි .

අද උදේ 7. 30 ට පමණ මෙම ගින්න හටගෙන ඇතැයි පොලිසිය කියයි . ගින්න හට ගැනිමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත .

අනෙක් ධීවර යාත්‍රාවලට ගින්න පැතිර යාම වැලැක්වීමට ධීවරයින් කටයුතු කරමින් සිටිති. ධීවර යාත්‍රා කුඩාවැල්ලේ පදිංචි ජයන්ත ජයවීර නමැති අයට අයත් බව පොලිසිය කියයි .

තංගල්ල මූලස්ථාන පොලිසිය සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වයි .