WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

T20 කාන්තා ලෝක කුසලාන කාල සටහන ප්‍රකාශයට පත් කෙරේ

2024 August 27- Page Views : 35

එළඹෙන ඔක්තෝබර් මසදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත 20/20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට අදාළ තරග කාලසටහන ඊයේ (26) ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එහිදී, ශ්‍රී ලංකාව ඇතුළුව කණ්ඩායම් 10ක සහභාගීත්වයෙන් මෙවර තරගාවලිය පැවැත්වෙන අතර, මෙහි මූලික වටය තරග A හා B ලෙස කාණ්ඩ දෙකකින් සමන්විතයි.

A කාණ්ඩයෙන් ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, නවසීලන්තය, පාකිස්ථානය හා ශ්‍රී ලංකාව තරග වදින අතර, B කාණ්ඩය යටතේ දකුණු අප්‍රිකාව, එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, බංග්ලාදේශය හා ස්කොට්ලන්තය තරගවදිනු ඇති.

තරගාවලිය ඔක්තෝබර් මස 03 වෙනිදා ආරම්භ වන අතර, ශ්‍රී ලංකාව සහභාගීවන පළමු තරගය පාකිස්ථානය සමඟින් එදින ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 02.00ට පැවැත්වෙනු ඇති.