WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කුසල් මෙන්ඩිස් ව ටෙස්ට් කණ්ඩායමෙන් ඉවතට

2024 August 28- Page Views : 35

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට (29) එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි.

එම ටෙස්ට් තරග සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට නම්කර ඇත.

එහි වෙනස්කම් දෙකක් සිදුකර ඇත.

ඒ අනුව කුසල් මෙන්ඩිස් ට සහ විශ්ව ප්‍රනාන්දු ට ඔවුන්ගේ ස්ථාන අහිමිවී තිබීමයි.

ඔවුන් දෙදෙනා වෙනුවට පැතුම් නිස්සංක ව සහ ලහිරු කුමාර ව කණ්ඩායමට කැඳවා තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම:

දිමුත් කරුණාරත්න, නිශාන් මදුෂ්ක, පැතුම් නිස්සංක, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, කමිඳු මෙන්ඩිස්, ප්‍රබාත් ජයසූරිය, අසිත ප්‍රනාන්දු, ලහිරු කුමාර සහ මිලාන් රත්නායක

ශ්‍රී ලංකා කණ්ඩායම මේ දක්වා ලෝඩ්ස් ක්‍රිකට් පිටියේ ටෙස්ට් තරග 8ක් ක්‍රීඩාකර ඇති අතර ඉන් කිසිදු තරගයක් ජය ගෙන නොමැත.