WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මාක් වුඩ් වෙනුවට එංගලන්ත කණ්ඩායම ට කැඳවූ වේගපන්දු යවන්නා

2024 August 28- Page Views : 35

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට (29) ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි.

එම තරගය සඳහා සහභාගී වන එංගලන්ත කණ්ඩායම මේ වනවිට නම් කර තිබේ.

එහි එක් වෙනස්කමක් සිදුකර ඇත.

ඒ වේගපන්දු යවන මාක් වුඩ් වෙනුවට ඔලී ස්ටෝන් කැඳවීමෙනි.

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර මැන්චෙස්ටර් හිදී පැවති පළමු ටෙස්ට් තරගය අතරතුරදී මාක් වුඩ් පාදයේ ආබාධයකට ලක්වූ අතර ඒ හේතුවෙන් ඔහුට මෙම තරගාවලියේ ඉතිරි තරග දෙකම අහිමි වෙයි.

ස්ටෝන් පවසන්නේ වුඩ් සේම වේගයෙන් පන්දු යැවීමට තමා ද උත්සාහ දරන බවයි.

නිතරම ආබාධ වලට ලක්වන වේග පන්දු යවන්නෙක් වන 30 හැවිරිදි ස්ටෝන් මෙතෙක් ක්‍රීඩාකර ඇත්තේ ටෙස්ට් තරග 3ක් පමණි.

එංගලන්ත ටෙස්ට් කණ්ඩායම:

බෙන් ඩකට්, ඩෑන් ලෝරන්ස්, ඔලී පෝප් (නායක), ජෝ රූට්, හැරී බ්රූක්, ජැමී ස්මිත්, ක්‍රිස් වෝක්ස්, ගස් ඇට්කිංසන්, මැතිව් පෝට්ස්, ඔලී ස්ටෝන්, ෂොයිබ් බෂීර්