WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ශ්‍රී ලංකා සටනේදී ජෝ රූට් වාර්තා රැසක් තබයි

2024 August 30- Page Views : 35

එංගලන්තය බිහිවූ වඩාත් සාර්ථකම ටෙස්ට් පිකිකරුවා බවට පත්වෙමින් සිටින ජෝ රූට්, ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේදී ගෞරවාන්විත කඩයිම් රැසක් අබියස සිටියි.

ඉන් එක් කඩයිමක් සම්පූර්ණ කරගනිමින් ඊයේ (29) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේදී සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 33වැනි ශතකය වාර්තා කිරීමට ඔහු සමත් විය.

ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙන එංගලන්ත පළමු ඉනිම වෙනුවෙන් රූට් ලකුණු 143ක් රැස්කිරීමට සමත් විය.

ඒ අනුව එතෙක් මෙතෙක් එංගලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් ශතක සංඛ්‍යාවක් වාර්තාකළ හිටපු නායක ඇලෙස්ටියාර් කුක් හා සමවීමට ඔහුට අවස්ථාව උදාවිය.

කුක් හා රූට්ගෙන් පසු එංගලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් ශතක ගණනක් රැස්කර ඇත්තේ කෙවින් පීටර්සන් වන අතර, ඔහු ශතක 23කට හිමිකම් කියයි.

එමෙන්ම මෙම ශතකයත් සමග වත්මන් ටෙස්ට් ක්‍රිකට් පිටියේ සිටින පිතිකරුවන්ගෙන් වැඩිම ශතක රැස්කර ඇති පිතිකරුවා වීමටද රූට්ට හැකිවිය.

රූට්ට පිටුපසින් කේන් විලියම්සන් (32), ස්ටීවන් ස්මිත් (32) හා විරාත් කෝලි (29) රැඳී සිටිති.

ක්‍රිකට් ක්‍රීඩාවේ නිවහන (Home of Cricket) ලෙසින් සැලකෙන ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ රූට් අවස්ථා 06කදී ශතක වාර්තා කර ඇත.

ඒ අනුව ඔහුට තවත් එක් ශතකයක් වාර්තා කිරීමට හැකිවුවහොත් ලොව පැරැණිම ක්‍රිකට් ක්‍රීඩාංගණයේ වැඩිම ශතක රැස්කළ පිතිකරුවාගේ ගෞරවය හිමිකරගැනීමටද අවස්ථාවක් ඇත.

ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ ශතකයක් රැස්කිරීම සෑම ටෙස්ට් පිතිකරුවෙකුගේම ප්‍රධාන සිහිනයක් ලෙසින් සැලකෙයි.

රූට් සමගින් මයිකල් වෝගන් හා ග්‍රැහැම් ගූච් ශතක 06 බැගින් රැස්කර ඇත.

2012 වසරේදී ටෙස්ට් වරම් හිමිකරගත් ජෝ රූට් මේ දක්වා ඉනිම් 264කට (තරග 145) ක්‍රීඩාකර ලකුණු 12,274ක් රැස්කරගෙන සිටියි.

ඒ අනුව ඔහුට එංගලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු රැස්කළ පිතිකාරුවා වන ඇලෙස්ටියාර් කුක් (12,472) අභිබවා යාමට අවශ්‍යව ඇත්තේ තවත් ලකුණු 198ක් පමණි.