WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ග්‍රේස්ගේ වසර 159ක් පැරණි වාර්තාව කැඩූ කොලුගැටයා

2024 September 02- Page Views : 35

පළමු පෙළ ක්‍රිකට් තරගයකදී කඩුලු 10ක් හෝ ඊට වැඩියෙන් දවාගත් ළාබාලම බ්‍රිතාන්‍ය පන්දු යවන්නා ලෙසින් වසර 159ක් පැරණි සුවිශේෂී වාර්තාවක් අලුත් කිරීමට යොවුන් දඟපන්දු යවන ක්‍රීඩක ෆර්හාන් අහමඩ් සමත් විය.

ඔහු මෙම වාර්තාව අලුත් කරනු ලැබුවේ සිය දෙවැනි පළමුපෙළ ක්‍රිකට් තරගයේදී වීමද විශේෂත්වයක්.

එංගලන්තයේ පැවැත්වෙන ප්‍රධානම පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය ලෙසින් සැලකෙන County Championship තරගාවලියේ පළමු කොටසේ 53වැනි තරගය ලෙසින් ඊයේ (01) අවසන් වූ Surrey කණ්ඩායමට එරෙහි තරගයේදී අහමඩ් මෙම කඩයිම සම්පූර්ණ කළේය.

Nottinghamshire ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කරන අහමඩ් මෙම තරගයේදී ලකුණු 217කට කඩුලු 10ක් (7/140, 3/77) දවාගැනීමට සමත් විය.

අහමඩ් මෙම කඩයිම පසුකරන විට ඔහුට වයස අවුරුදු 16යි දින 192ක් විය.

ඔහුට පෙර බ්‍රිතාන්‍ය පළමු පෙළ තරගයකදී කඩුලු 10ක් හෝ වැඩි ගණනක් දවාගත් ළාබාලම පන්දු යවන්නා බවට පත්ව සිටියේ ඩබ්. ජී. ග්‍රේස්ය.

ඔහු මීට වසර 159කට පෙර එනම් 1865 වසරේ ඕවල් ක්‍රීඩාංගණයේදී පැවති තරගයකදී ලකුණු 84කට කඩුලු 13ක් දවාගැනීමට සමත් වූ අතර, එම කඩයිම සම්පූර්ණ කරන විට ඔහුට අවුරුදු 16යි දින 340ක් විය.

වත්මන් එංගලන්ත කණ්ඩායමේ නැගී එන දඟ පන්දු යවන්නෙකු වන රෙහාන් අහ්මඩ්, ෆර්හාන්ගේ වැඩිමහල් සහෝදරයාය.