WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු ලබා ඇති ඉහළම ජයග්‍රහණය සමඟින් සමිත දුලාන් ලක්මව් බබළවයි..

2024 September 03- Page Views : 35

පැරිස් 2024 පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ පිරිමි හෙල්ල විසිකිරීම (F64) ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගැනීමට සමිත දුලාන් කොඩිතුවක්කු ඊයේ සමත් වුණා.

ඒ අනුව, මීටර 67.03ක පුද්ගලික හොඳම දුරක් වාර්තා කරමින් ඔහුගේම පෙර පැවති මීටර් 66.49ක ලෝක වාර්තාව බිඳ දැමීමට මෙහිදී ඔහු සමත්ව තිබෙනවා.

ඉන්දියාවේ සුමිත් ඇන්ටිල් මෙම කාණ්ඩයේ මීටර් 70.59ක විසි කිරීමක් වාර්තා කරමින් රන් පදක්කම දිනා ගනිමින් සිය වාර්තාවම නැවත නැවතත් ස්ථාවර කර ගැනීමට සමත් වුණා.

ඔස්ට්‍රේලියාවේ මිචල් බුරාන් මීටර් 64.89ක දුරක් වාර්තා කරමින් ලෝකඩ පදක්කම දිනාගෙන තිබෙනවා.

මෙම ජයග්‍රහණයත් සමඟ සමිත දුලාන් ටෝකියෝහිදී ලබාගත් ලෝකඩ පදක්කමෙන් පසුව පිරිමි F64 හෙල්ල විසිකිරීමේ අවසන් මහා තරගයේදී ලැබූ දෙවැනි පැරාලිම්පික් පදක්කමයි.

. සමිත දුලාන් ඊයේ ලබාගත් ජයග්‍රහණයත් සමග ඔලිම්පික් සහ පැරාලිම්පික් තරගාවලදී ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු ලබා ඇති ඉහළම ජයග්‍රහණය මෙයයි..