WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මහින්දට දුන් බැකප් තුනක් යළි දෙන්න කියයි

2024 October 19- Page Views : 37

හිටපු ජනාධිපති සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට යොදවනු ලැබ සිටින ආරක්ෂකයන් ගමන් ගන්නා ආරක්ෂක රථ( backup vehicle)තුනක් නැවත රජයට භාර දෙන ලෙස දැනුම් දී ඇත.

ලියුමක් යවමින් මෙම දැනුම්දීම කරනු ලැබ ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලය විසිනි.

හිටපු ජනාධිපතිවරයා තංගල්ලේ නිවසේ රැඳී සිටින හෙයින් කොළඹට පැමිණි පසු එම වාහන බාර දීමට කටයුතු කරන බව ඒ මහතාට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කළේය.

හිටපු ජනාධිපති ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබූ කමිටුවේ නිර්දේශ නිකුත් වීමටත් පෙර මෙවැනි ක්‍රියාමාර්ගයක් ගැනීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුගේ කතාබහට ලක් වී ඇත.

මේ සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂකයන් ගමන් ගන්නා වාහන කිහිපයක් නැවත භාර දෙන ලෙස රජය දැනුම් දී ඇති බව තමාට දැනගන්නට ලැබී ඇති බවයි.

මේ රටේ යුද්ධය අවසන් කළ නායකයා වශයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඇති ජීවිත තර්ජනය අවසන් වන සීමාවක් ලකුණු කළ නොහැකි බවත් ඔහුට ඇති තර්ජනය පිළිබඳ තක්සේරු කිරීමකින් තොරව මේ ආකාරයට කටයුතු කිරීම වැරදි බවත් ඔහු සඳහන් කළේය.

මෙවැනි කටයුතු කරන්නේ බුද්ධි අංශ වලින් අහලා දැයි තමා ප්‍රශ්න කරන බවද හෙතෙම සඳහන් කළේය.