WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

රිය අනතුරුවලින් සිව් දෙනෙකු මරුට

2024 October 20- Page Views : 35

ගෙවීගිය පැය 24ක කාලය තුළ ප්‍රදේශ කිහිපය සිදුවූ රිය අනතුරුවලින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ.

ඊයේ එම අනතුරු මොරොන්තුඩුව, කෝපායි, කරන්දෙණිය සහ කඩවත යන පොලිස් වසම්වලින් වාර්තා වූ බව පොලීසිය පවසයි.

මොරොන්තුඩුව - හොරණ මාර්ගයේ පරගස්තොට මහවෙල ප්‍රදේශයේදී සිදුවූ යතුරුපැදි අනතුරකින් 21 හැවිරිදි තරුණයෙක් මියගොස් තිබේ.

මිල්ලනිය දෙස සිට මොරොන්තුඩුව දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගැනීමට නොහැකිව වංගුවක් සහිත ස්ථානයකදී යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන ඇදී ගෙන ගොස් බෝක්කුවක ගැටී එම අනතුරක් සිදුව ඇත.

අනතුරින් යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා ගෝනදූව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

එලෙස මියගොස් ඇත්තේ, ගෝනදූව, මොරොන්තුඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 21ක් වූ තරුණයෙකි.

මේ අතර යාපනය පේදුරුතුඩුව කට්ටපිරායි ප්‍රදේශයේදී පේදුරුතුඩුව දෙස සිට යාපනය දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් මාර්ගය හරහා ගමන් කළ පදික කාන්තාවකගේ ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් පදික කාන්තාව බරපතළ තුවාල ලබා යාපනය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

එලෙස මියගොස් ඇත්තේ, කට්ටපිරායි, යාපනය ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 68ක් වූ කාන්තාවකි.

මේ අතර කරන්දෙණිය පොලිස් වසමේ බොරකන්ද අමරකීර්තිගම මාර්ගයේ අමරකීර්තිගම ප්‍රදේශයේදී යතුරුපැදියක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි පාපැදියක මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුව අනතුරින් පාපැදිකරු මියගොස් ඇත.

මරණකරු වයස අවුරුදු 81 ක් වූ අමරකීර්තිගම, කරන්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මේ අතර නුවර - කොළඹ ප්‍රධාන මාර්ගයේ ඇල්දෙණිය ප්‍රදේශයේදී ලොරි රථයක් ඊට ඉදිරියෙන් එම දිශාවටම ධාවනය වූ යතුරුපැදියකට ඉස්සර කිරීමට යාමේදී යතුරුපැදියේ ලොරි රථය ගැටී පැදිකරු මාර්ගයට ඇද වැටී එම ලොරි රථයේ පිටුපස රෝදයටම යටවීමෙන් අනතුරක් සිදුව ඇත.

එම අනතුරින් යතුරුපැදිකරු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

එලෙස මියගොස් ඇත්තේ, කිරිල්ලවල, කඩවත ප්‍රදේශයේ පදිංචිව සිටි 74 හැවිරිදි පුද්ගලයෙකි.