WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කුලියට පැල් රකින්න යද්දී වල් අලි පහරින් මරුට

2024 October 21- Page Views : 35

දඹුල්ල වෑවලවැව, අලකොලවැව, ප්‍රදේශයේ වම්බටු හේනක පැල් රැකීම සඳහා ගමන් කරමින් සිටි කුලී කම්කරුවකු ඉතා අමානුෂික ලෙස වන අලියකුගේ පහර කෑමකට ලක්ව 20 දින රාත්‍රියේ මිය ගොස් ඇතැයි සීගිරිය පොලිසිය කියයි.

මෙසේ මීයගොස් ඇත්තේ හැටන් ප්‍රදේශයේ සිට දඹුල්ල වෑවලවැව ප්‍රදේශයේ කුලී කම්කරු රැකියාවක් සඳහා පැමිණ සිටි අයකු බව හඳුනාගෙන තිබේ.

අලකොළවැව ප්‍රදේශයේ වම්බටු වගාවක කුලී රැකියාව කරන මෙම මියගියා පුද්ගලයා වයස අවුරුදු හැටපහක් පමණ වන අයකු බවත් ඔහු ගැන නිච්චිත තොරතුරක් නොමැති බව පොලිසිය සඳහන් කළේය.

ආසන්නයේ නිවසක රාත්‍රී ආහාර ගෙන එම ගොවි මහතා සමග කතා කරමින් සිට ඔහු වම්බටු වගාවවේ ඉදිකොට ඇති ගහ උඩ පැලට යන බව පවසමින් පැමිණි බවත් විනාඩි කිහිපයක් යද්දී මිය ගිය අයගේ විලාපය ඇසී ඔහු සමග එකට ආහාර ගත් ගොවි මහතා විදුලි පන්දම දල්වා බලන විට වන අලියාගේ පහරදීමකට ලක්වන බවත් ඔහු වන අලියා විසින් ඔසවා අසල තිබූ ගසක ගසන අයුරු දුටු බවද සඳහන් කළේය.